සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා බිදවැටුණේ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින, UNP ය සමග ඩීල් දමන පිරිස නිසයි – අමාත්‍ය මහින්ද අමරවීර.

 alt=ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින, එක්සත් ජාතික පක්‌ෂය සමඟ “ඩීල්” දමන පිරිස නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයට ලබාදීම, එම පිරිසේ අවශ්‍යතාවය වී ඇති බව ද ඒ මහතා අවධාරණය කර ඇත.ඩීල් දමන පිරිසගේ උවමනාවට ඒකාබද්ධ විපක්‌ෂයේ වැඩි පිරිසක්‌ අවනත වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හා ඒකාබද්ධ විපක්‌ෂයට එකට එක්ව මැතිවරණයට තරග කිරීමට තිබූ අවස්‌ථාව මගහැරුණු බව සදහන් කර ඇති අමාත්‍යවරයා ආණ්‌ඩුවේ මැති ඇමැතිකම් ගන්න එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සාකච්ඡා කළ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න දැන් මුළු රටම දන්නා බව ද වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට