සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය සම්පත් විකුණන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දිවයින පුරා සංඝ සමුළු පවත්වනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

 alt=ජනතාව හමුවේ බලාපොරොත්තු රැසක් තබමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට මේ වන විට වසර 03 ක කාලයක් ගෙවී ගොස් අවසන් වුවත් එම බලාපොරොත්තු කිසිවක් ඉටු කර නොමැති බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවයක් මේ වන වට රටට නොමැති බවත් මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලදී. `වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ මේ වන විට රටතුළ දේශපාලන මෙන්ම සමාජීය වශයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. පුද්ගලික අරමුණු ඉටු කරගැනීම සදහා ක්‍රියාත්මක වන දේශපාලනය දැඩි ලෙස හෙළා දකින බවත් රාජ්‍ය සම්පත් විකුණා දමන වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරියේදී දිවයින පුරා සංඝ සමුළු පවත්වන බවද ආනන්ද හිමියන් තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසා සිටියේ රටතුළ මාධ්‍ය නිදහස ඇති කරන බව බලයට පත්වීමට පෙර පවසා සිටි වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට රටේ මාධ්‍ය නිදහස් අහිමි වන තැනට කටයුතු කරමින් සිටින බවත් වත්මන් අග්‍රාමාත්‍යවරයා ලැජ්ජාවක් නොමැති කට්ට කයිරාටික අයෙකු බවට පත්ව ඇති බවයි.

මෙම අවස්ථාවට සහභාගි වූ රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසා සිටියේ මේ වන විට රටතුළ නීතිය දෙයාකාරයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් උද්ගතව තිබෙන අතර ඉදිරි මැතිවරණ වලදී රට, ජාතිය ගැන හොදින් සිතා සිය ජන්දය භාවිතා කළයුතු බව ජනතාවට අවධාරණය කර සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය ගලගම ධම්මරංසි සහ මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජික පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන යන හිමිවරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට