සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තක්සේරු සේවය දියාරු කිරීමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මකයි, ගැටළු වලට විසදුම් දෙන්න සතියක කාලයක් – රජයේ තක්සේරු කරුවන්ගේ සංගමය

 alt=සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය දැඩිව දැනුනද එකී අවශ්‍යතාවය බලධාරීන් විසින් සිය පටු අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් සිටින බව රජයේ තක්සේරු කරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (07) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ තක්සේරු කරුවන්ගේ සංගමයේ ලේකම් ඩී.එම් සෙනෙවිරත්න මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය තක්සේරු කටයුතු මේ වන විට පුද්ගලික අංශය වෙත ලබා දීමේ දැඩි අවදානමක් උද්ගතව ඇති බවත් ඒ හරහා මූල්‍ය වංචාවන් සිදුවීමේ වැඩි ඉඩක් ඇති බවයි. තමන් මුහුණ දී ඇති මෙම ගැටළුකාරී තත්ත්වයට විසදුම් ලබාගැනීම සදහා බලධාරීන් හට සතියක කාලයක් ලබාදෙන බවත් එම කාලය තුළදීද විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ද ඩී.එම් සෙනෙවිරත්න මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ තක්සේරු කරුවන්ගේ සංගමයේ සභාපති නිලන්ත ඒකනායක, උප ලේකම්වරුන් වන නෙවිල් ඉන්ද්‍රජීව සහ දර්ශන අබේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට