වර්ජකයින් සහ ජනපති ලේකම් අතර තීරණාත්මක සාකච්ඡාවක්..
මේ වන විට වර්ජනයේ නිරතව සිටින දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ. මෙම සාකච්ඡාව සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ප්‍රවාහන බලධාරීන් රැසක් සහභාගි වී සිටියි.