සත්‍යයේ පුවත් අඩහැරය….

සහල් පාලන මිලක් නැත්තේ සහෝදර ප්‍රේමය නිසාද? පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ආණ්ඩුවට පැනයක්..

 alt=සහල් සදහා පාලන මිලක් නොපනවන ලද්දේ සහෝදර ප්‍රේමය නිසාදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් සදහන් කර සිටින්නේ බත් මෙරට ජනතාවගේ ප්‍රධානතම ආහාරය වනවිට, සහල් සදහා පාලන මිලක් පැනවීමෙන් වැළකී පොල්, පරිප්පු සහ කරවල සදහා පමණක් පාලන මිලක් පැනවීම තුළින්, “මළයණ්ඩිය බිය නොවන්න, සහල් මිලට මම අත නොතියමි” යනුවෙන් නව වාක්‍යයක් බිහිවී ඇති බවයි.

මීට පෙර ද ආණ්ඩුව විසින් භාණ්ඩ කිහිපයක් සදහා පනවන ලද පාලන මිල පවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ නැවත භාණ්ඩ කිහිපයක් සදහා පාලන මිලක් පැනවීම හාස්‍යයට කරුණක් බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

ගැසට් පත්‍ර මුද්‍රණය කිරීමෙන් පමණක් පාරිභෝගික ජනතාවගේ කුසගින්න නිවා දැමිය නොහැකි අතර අවශ්‍ය වන්නේ අදාළ ගැසට් පත්‍රයන්හි කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බව ජනාධිපතිවරයාට අවධාරණය කර සිටින බව මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට