මෙරට රැදී සිටි රුසියානු ජාතිකයෙකු දියේ ගිලී මරුට..
මෙරට රැදී සිටි රුසියානු ජාතික සංචාරකයෙකු මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. හික්කඩුව, තිරාණගම මුහුදේ දිය නාමින් සිටියදී මෙම විදේශිකයා අවාසනාවන්ත ලෙස දියේ ගිළී මියගොස් ඇති බව පොලිසිය පවසා සිටියි. ප්‍රදේශවාසීන් විසින් මියගිය විදේශිකයාගේ සිරුර සොයාගෙන ඇති අතර එම මෘත ශරීරය මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවද වාර්තා වේ.