සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රාදේශීය දේශපාලනයට එන්න තරුණ පරපුරට වැඩි අවස්ථාවක් හිමිවිය යුතුයි – ලංකා තරුණ සමාජ ජාලය

 alt=ප්‍රාදේශීය මට්ටමින් දේශපාලනයට පැමිණීම සදහා රටේ තරුණ තරුණියක් හට වැඩි ඉඩ ප්‍රස්ථාවක් හිමිවිය යුතු අතර රටේ තරුණ පරපුරට සිය දේශපාලන දිවිය ආරම්භ කිරීම සදහා ඉදිරි පළාත් පාලන මැතිවරණය කදිම අවස්ථාවක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. ලංකා තරුණ සමාජ ජාලය විසින් අද (11) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

ඒ මහතා තවදුරටත් පවසා සිටින ලද්දේ 88-89 කාලයේ සිදුවූ තරුණ අරගලය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුවේ නිර්දේශය අනුව දේශපාලනය සදහා තරුණ තරුණියන්ගේ නියෝජනය ඉහළ මට්ටමකට පත්කිරීමට කටයුතු කළද මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම අවස්ථාව අවම මට්ටමකට පැමිණ ඇති බවයි.

මේ ආකාරයට මෙරට දේශපාලනය සදහා රටේ තරුණ තරුණියන්ගේ සහභාගිත්වය අවම මට්ටමකට පැමිණියහොත් ඉදිරියේදී රටේ දේශපාලනයට උගත්, බුද්ධිමත්, ශක්තිමත් නායකයින් සම්බන්ධ නොවන තත්ත්වයක් උද්ගතවී රට අවාසනාවන්ත රටක් බට පත්වනු ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ රට තුළ පිරිසිදු පාලනයක් ගෙනයාම සදහා අවස්ථාව සලසා දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිප වතාවක්ම පවසා සිටි බවත් රටේ පාලනය කෙරෙහි පවතින එම බාධාව කුමක්දැයි විමසා සිටින බවයි.

මෙම අවස්ථාව සදහා ලංකා තරුණ සමාජ ජාලයේ සභාපති අරුණ ප්‍රදීප් කුමාර සහ ක්‍රියාකාරී සාමාජික ඉෂාන් උපේන්ද්‍ර යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට