සත්‍යයේ පුවත් අඩහැරය….

ආවා කල්ලියේ 04ක් අත්අඩංගුවට…

 alt=ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හතර‍ දෙනෙකු ඊයේ(10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.යාපනය මනිප්පායි ප්‍රදේශයේ හා තෙලිප්පලෙයි ප්‍රදේශයේ පුද්ගලයින් වෙත මරණ තර්ජන එල්ල කළ කල්ලියක් පිළිබද ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව යාපනය, තෙලිප්පලෙයි පොලීසිය සදහන් කර ඇත.සැකකරුවන් සතුව තිබී කඩු 04 ක්, යතුරුපැදි 04 ක්, ඇතුළු ආයුධ තොගයක් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.එම පුද්ගලයින් යාපනය මානිප්පායි හා තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27,22 හා 17ක් වන තරුණයින් පිරිසක් බව සදහන් කරන පොලිසිය සිද්ධීන්ට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එම සැකකරුවන් හඳුනාගෙන ඇති බව ද සදහන් කර ඇත.කෙසේ වෙතත් සැකකරුවන් අද(11) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට