සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනයෙන් පීඩා විදින රටේ ජනතාව ගැන සිතා වර්ජනය අත්හිටුවන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

 alt=මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පාසැල් සිසුන් ඇතුළු රටේ ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්ව ඇති බැවින් වර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැර වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, දුම්රිය වෘත්තීස සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර සිටියි. දුම්රිය සේවක වෘත්තීය සමිති නියෝජිතයින් වෙත ලිපියක් යොමු කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම ඉල්ලීම කර ඇත. මෙරට පාලකයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ කිසිදු සාමාජිකයෙකු දුම්රිය සේවාව භාවිතා නොකරන බවත් එම සේවය භාවිතා කරන්නේ රටේ වැඩ කරන ජනතාව බැවින් ඒ පිළිබදව අවධානය යොමු කර හෝ මෙම වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට