දුම්රිය වර්ජනයට දින 07 යි, තීරණාත්මක සාකච්ඡාවක් අද..
පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට දියත් කරන ලද දුම්රිය සේවක වැඩවර්ජනය 07 වන දිනයටත් අද දිනය තුළ ක්‍රියාත්මක වේ. මේ අතර වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලධාරීන් අතර අද (13) දිනයේදී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. දුම්රිය සේවකයින් හට සේවයට වාර්තා කිරීම සදහා අද දිනය ද ලබා දී ඇති අතර එසේ නොකරන සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.