සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට සහාය දෙනවා – පොදු දේපළ සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය

 alt=සාධාරණ වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් මේ වන විට වර්ජනයේ නිරතව සිටින දුම්රිය සේවකයින්ට සිය සහය ලබාදෙන බව පොදු දේපළ සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් කේෂර කෝට්ටේගොඩ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ජාත්‍යන්තර කම්කරු නීතීන් පවා හෑල්ලුවට ලක්කරමින් මෙරට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති අතර ගැසට් නිවේදන නිකුත් කරමින් දුම්රිය ඇතුළු මෙරට වත්තීය සමිති සහ ඒවායේ නායකයින් මර්දනය කිරීම සදහා ආණ්ඩුව දියත් කර ඇති වැඩපිළිවෙළට එරෙහිව සියළු වෘත්තීය සමිති එක්ව කටයුතු කරන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමයේ සාමාජික සිල්වෙස්ටර් ජයකොඩි මහතා පවසා සිටියේ නිදහසින් පසු මෙරට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම විවිධ හේතු පෙන්වා දෙමින් වෘත්තීය සමිති ඇතුළු එම ක්‍රියාමාර්ග මර්දනය කිරීමට කටයුතු කළ බවයි. වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සදහා කැපවී කටයුතු කළ වෘත්තීය සමිති මර්දනය කිරීම එම ආණ්ඩුව විසින්ම සිදුකරන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති බවත් එය ඉතා කණගාටුදායක බවත් සිල්වෙස්ටර් ජයකොඩි මහතා තවදුරටත් පවසා සිටින ලදී.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන් මෙම වර්ජනය තුළින් දැඩී පීඩාවට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් වන වගකීම අනිවා්ර්යයෙන්ම ආණ්ඩුව භාැ ගතයුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මෙහිදී සිය අදහස් පළකරමින් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ධර්මසිරි ලංකාපේළි, එක්සත් කම්කරු සමිති සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක සහ ලංකා බැංකු සේවක සංගමයේ ඊ.ජී.ඩබ් ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගි වී සිය අදහස් දක්වා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට