සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡාව සාර්ථකයි, දුම්රිය වර්ජනය අවසන්..

 alt=පැය දෙකක කාලයක් පුරාවට පැවති සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය සේවක වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය බදාදා දින ආරම්භ කළ මෙම දුම්රිය සේවක වර්ජනයට අද වන විට දින 06 ක කාලයක් ගතවිය. මෙම වර්ජනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී අදාළ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන බවට ලඛිත විසදුම් ලබා දීම නිසා මෙම තීරණය ගත් බව දුම්රිය සේවක වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටියි.

මෙම වර්ජනය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් සහ දුම්රිය සේවක නියෝජිතයින් අතර සාකච්ඡා වට කිහිපයක්ද පැවැතියද ඒවා අසාර්ථක වීම නිසා මගී ජනතාව මෙන්ම මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ද දැඩි අපහසුතාවයට පත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට