සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුද්ගලික උපාධි කඩ වෙනුවෙන් පෙනී සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම පහත හෙළලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා රටේ විද්වත් පාර්ශව එකගවූ වෛද්‍ය සේවාවේ අවම ප්‍රමිතිය පහත හෙළීම සදහා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන්ද සිල්වා යන මහත්වරුන් විසින් කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කර සිටින අතර වෛද්‍යවරයෙකු වීම සදහා අවම සුදුසුකම ලෙස 2017 වර්ෂයේදී උසස් පෙළ B සාමාර්ථ තුනක් ලබාගැනීමේ නිර්දේශය, උපාධි කඩ වෙනුවෙන් පෙනී සිටින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් C සාමාර්ථ 02 ක් සහ S සාමර්ථයක් ලෙස වෙනස් කිරීමට තීරණය කර ඇති බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

මෙම තීරණය මෙරට රෝගී ජනතාවගේ ජිවිත අනතුරට හෙළන තීරණයක් බව අවධාරණය කර සිටින බවත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථාවරය වහාම පැහැදිලි කළයුතුව ඇති බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

මෙම අත්තනෝමතික තීරණයට එරෙහිව සහ රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැඩිව පෙනී සිටිය යුතු අතර ඒ වෙනුවෙන් එම සභාව විසින් ගනු ලබන සෑම තීරණයක් සදහාම කොන්දේසි විරහිතව තම සංගමය පෙනී සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම නිවේදනය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට