සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඒකාබද්ධය අතහැර ජනපතිට සහය දක්වයි…

 alt=ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට කටයුතු කර ඇත.ඊයේ(18) දින ජනාධිපතිවරයා හමු වී ඇති ඒ මහතා මෙලෙස සහය පළ කර ඇති අතර ඉන් අනතුරුව කෝරළගේ මහතාට හොරණ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය ලබාදීමට කටයුතු කර ඇත.මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගම්පහ දිස්ති‍්‍රක්කයේ හිටපු ප‍්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.ජනාධිපති මාධ්‍ය අංශය විසින් සදහන් කර ඇති පරිදි එම පිරිස ඊයේ (18) දින පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත. අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම, මීරිගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රී ගාමිණි තෙන්නකෝන්, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් වන සුනිල් ශාන්ත නවරත්න, කීර්ති කොරතොට සහ නලීන් පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙලෙස ශ්‍රි.ල.නි.ප. සාමාජිකත්ව ගෙන ඇති බව සදහන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට