බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී…
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී ආරම්භ කිරීමට නියමිතව ඇත.දිළිදුකම පිටුදැකීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන් සමුළුවේ තුන් වන සැසිය මෙවර පවත්වනු ලබන අතර මේ සදහා රටවල් 07ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතව ඇත.එහි අමාත්‍යවරුන්ගේ සමුළුව හෙට (20) දිනයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බිම්ස්ටෙක් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.සයිදුල් ඉස්ලාම් මහතා ඊයේ (17) දිනයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වා ඇත.