සත්‍යයේ පුවත් අඩහැරය….

දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක් සදහා පැෆරල් සංවිධානයෙන් කෙටුම්පතක්…

 alt=ශ්‍රි ලංකාවේ අනාගත දේශපාලන ප්‍රවාහය, පිරිසිදු දේශපාලන ක්‍රමවේදයක් ලෙස සකස් කිරීමේ අරමුණින් පැෆරල් සංවිධානය විසින් කෙටුම්පතක් සම්පාදනය කර ඇත.ඒ අනුව දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සදහා වු ආදර්ශ කොටුම්පත යන නමින් යෝජනා 17ක් යටතේ සකස් කරන ලද එම ලේඛනය සම්බන්ධයෙන් අද (19) එම සංවිධානය, මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු කරන ලදී.මෙහි දි අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ දුෂිත දේශපාලනය දෙස බලමින් නිකරුණේ සිටිනවාට වඩා එම ක්‍රමවේදය පිරිසිදු කිරීම සදහා යම් උත්සායක් ගත යුතු බැවින් මෙලෙස කෙටුම්පතක් සකස් කිරීමට පියවර ගත් බවයි.මැතිවරණ සමයේ දි ජනතාව මුලා කරමින් බඩු බාහිරදිය බෙදාදීම, යම් අපේක්ෂයෙකු මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර එම පුද්ගලයාගේ වත්කම් බැරකම් සහ දේශපාලනයට පිවිසීමෙන් පසු වත්කම් බැරකම් සොයා බැලීම, එමෙන්ම මැතිවරණ පැවැත්වීමේ දි සිදුවන අක්‍රමිකතා,දූෂණ, වංචා සම්බන්ධයෙන් මෙහිදි මාධ්‍ය ආයතන ප්‍රධානින්ගේ අවධානය යෙමු කරමින් යෝජනා ගනු ලැබු අතර එම යෝජනා ද ඇතුළත් කර මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේ දි ජනාධිපතිවරයා,අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව රෝහණ හෙටිටිආරච්චි මහතා සදහන් කරන ලදී.වැඩිදුරටත් අදහස් දක්වමින් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මෙම කටයුතු සිදු කරනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවට හෝ ඔවුන්ගේ මුදල් බලාපොරොත්තුවෙන් හෝ නොවන බවයි.ජනතාවගේ මුලික අයිතිවාසිකමක් වු ජන්දය සුරක්ෂිත කිරීම ස‍දහා හැකි සෑම පියවරක්ම ගැනීමට තම සංවිධානය කටයුතු කරන බවද ඒ මහතා මෙහි දී අවධාරණය කරන ලදී. මෙම අවස්ථාවට පැෆරල් සංවිධානයේ සම්බන්ධිකාරකවරයා වශයෙන් කටයුතු කරන සුජීව ගයනාත් මහතා ද එක්ව සිටියේ ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට