බෙහෙත් මිල 5% කින් ඉහළට..
දේශීය වෙළදපොළේ බෙහෙත් වර්ගයන්හි මිල ගණන් 5% ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ලෝක වෙළෙඳ පොළ තුළ බෙහෙත් මිල ඉහළ යෑම මීට හේතුව වී ඇති අතර බෙහෙත් ආනයනකරුවන් විසින් සිදුකර ඇති ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.