නියමිත කාලයට මාස 11 කට පෙර වැඩි නිමයි, රාජගිරිය ගුවන් පාලම ලබන ජනවාරියේ ජනතා අයිතියට..
රාජගිරිය නව ගුවන් පාලම 2018 ජනවාරි මසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. අද (21) උදෑසන ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් මෙම අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාලමේ ඉදිකිරීම් ලබන වසරේ දෙසැම්බර් මස දී අවසන් වීමට නියමිතව තිබුනද අදාළ කාලයට මාස 11 කට පමණ පෙර පාලමේ වැඩ නිම කිරීමට හැකිවූ බව ද අවධාරණය කර සිටින ලදී.