නුවරඑළිය බදුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක මීදුම් තත්ත්වයක්, සැලකිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීම්..
නුවරඑළිය බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක අද (23) උදෑසන කාලයේ සිට දැඩි ඝණ මීදුමකින් වැසී ඇති බව වාර්තා වේ. අදාළ මාර්ගයේ හග්ගල සිට වැලිමඩ දක්වා ස්ථාන කිහිපයකම මෙම තත්ත්වය දක්නට ලැබෙන බැවින් මෙහි වාහන ධාවනය කිරිමේදි ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියි.