දිවුලපිටියේදී S.T.F නිලධාරීන්ට වෙඩි තැබීමේ උත්සහය, සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට..
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හට වෙඩි තබා, ඔවුන් ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බවට චෝදනා ලද සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. දිවුලපිටිය, බල්ලපාන ප්‍රදේශයේදී පසුගිය ඔක්තොම්බර් මස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට වෙඩිතැබීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස සංවිධානාත්මක අපරාධ, නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.