සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විගණකාධිපති වාර්තාවෙනුත් විල්පත්තු විනාශය ඔප්පු වී අවසන්, වැදගත් මහතෙකු නම් අමාත්‍යධූරයෙන් යන්න, බොදු බල සේනාවෙන් බදියුදීන්ට ඉල්ලීමක්..

 alt=විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් තම සංවිධානය දිගින් දිගටම රටට කරුණු හෙළිකළ බවත් මේ වන විට නිකුත් වී තිබෙන විගණකාධිපති වාර්තාව මගින් ද එම කරුණු ඉතා පැහැදිලි ලෙස හෙළිදරව් වී ඇති බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (26) රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය අධ්‍යක්ෂ දිලන්ත විතානගේ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මෙම වන විනාශය සම්බන්ධයෙන් රටට කරුණු හෙළිදරව් කළවිට, බොදු බල සේනා සංවිධානයට ජාතිවාදී ලේබලය ඇලවීමට ඇතැම් පිරිස් විසින් උත්සහ කරන බවයි. බොදු බල සේනා සංවිධානයට ඇත්තේ විල්පත්තු වන සංහාරය පිළිබදව මිස එම වන සංහාරය සිදුකරන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සමග හෝ මුස්ලිම් අන්තවාදය සමග ගැටළුවක් නොවන බව ද දිලන්ත විතානගේ මහතා මෙහිදී තවදුරටත් අනාවරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියේ පරිසරයට හානිදායක ව්‍යාපෘති රැසක් මේ වන විට කටාර් රාජ්‍යයේ මූල්‍ය උපකාර හරහා සිදුවෙමින් පවතින අතර මෙරට බලයට පැමිණෙන ආණ්ඩු විසින් සිදුකරන අමාත්‍යධූර බොදාදීමේ ක්‍රියාවලියද රටතුළ පරිසර හානියක් සිදුවීමට දැඩිව බලපා ඇති බවයි.

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් විගණකාධිපති වාර්තාවක්ද නිකුත් වී ඇති මේ මොහොතේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිදුකළ යුත්තේ ටයි කෝට් පළදින වැදගත් මහතෙකු සේ තම අමාත්‍යධූරයෙන් වහාම ඉල්ලා අස්වීමට කටයුතු කිරීම බවද ඥාණසාර හිමි මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් අවධාරණය කරන ලදී.

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, මෙරට දේශහිතෛෂී සහ පරිසර හිතකාමී ජනතාවගේ ඉවසීම පරීක්ෂා නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර සිය විධායක බලතල යොදා ගනිමින් හෝ බදියුදීන් අමාත්‍යවරයාව අදාළ අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට