ඉන්දීය ධීවරයින් 52 කට නිදහස..
මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 52 නෙකු පසුගියදා නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය 28 වනදා කයිට්‌ස් අධිකරණයෙන්ද ධීවරයින් 44 ක්ද පේදුරුතුඩුව අධිකරණයෙන් ධීවරයින් 08 ක්ද නිදහස් කර ඇත. මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස මෙරට උතුරු මුහුදේ මසුන් මැරීම සදහා පැමිණීමේදී මෙම ඉන්දීය ධීවරයන් පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.