පේරාදෙණියේදී දුම්රිය – යතුරු පැදි ගැටුමක්, දෙදෙනෙකු ජීවිතක්ෂයට..
උඩරට දුම්රිය මාර්ගයේ අද (01) උදෑසන සිදූවූ දුම්රිය – යතුරුපැදි ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පේරාදෙණිය, එලුගොඩ දුම්රිය හරස් මාර්ගයේදී මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදියේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෛදෙනා මියගොස් ඇත. මෙම පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත කරන අවස්තාව වන විට මියගොස් ඇති අතර පේරාදෙණිය පොලීස් ස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.