ඊ.පී.ඩී.පී අපේක්ෂකයෙකුට පහර දීලා..
ඉදිරි මැතිවරණයේදී වව්නියාව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින ඊ.පී.ඩී.පී සංවිධානයේ අපේක්ෂකයෙකුට යම් පිරිසක් විසින් ඊයේ (02) පහරදී ඇති බව වාර්තා වේ. ධර්මකුලසිංහම් සුජීවන් යන අයට මෙම පහරදීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් වව්නියාව පොලීසියට පැමිණිලි කර තිබේ. පහරකෑම නිසා තුවාල ලැබූ අදාළ අපේක්ෂකයා මේ වන විට වව්නියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.