සත්‍යයේ පුවත් අඩහැරය….

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට විවෘත වරෙන්තු..

 alt=මෙරට රජයට අයත් විදෙස් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතා වහාම අත්අඩංගුවට ගැනිම සදහා අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) මෙම නියෝගය නිකුත් කර ඇත. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ තිස්දහසක මුදලක් වංචා සහගත ලෙස භාවිතා කරමින් ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව ඔහු ඇප මත නිදහස් කරන ලදී.

එසේ ඇප මත නිදහස් වීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණයේ අවසර පරිදි මාස දෙකක කාලයකට විදේශ ගත වූ වික්‍රමසූරිය මහතා මේ වනතුරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට