සත්‍යයේ පුවත් අඩහැරය….

පරිසරය ආරක්ෂා කිරීමට පිහිටවූ මධ්‍යම පරිසර අධිකාරිය එම වගකීමෙන් බැහැර දූෂිත ආයතනයක් බවට පත්වෙලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=පරිසරය ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති මධ්‍යම පරිසර අධිකාරිය එම වගකීමෙන් බැහැරව කටයුතු කරන දූෂිත ආයතනයක් බවට පත්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් පළකරමින් විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සුදුසුකම් සපුරාලීමට අපොහොසත්වූ අයෙකු පත්කර ඇති බවත් ඔහු අදාළ තනතුරට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ වැටුප් තලයක පිහිටුවා හිමිනොවිය යුතු වැටුප් වර්ධක පවා ලබාදීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් පරිසර අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම පරිසර අධිකාරිය, මෙවැනි දූෂිත තත්ත්වයට පත්වීම ඉතා කණගාටුදායක බවත් ඉතා කාර්යබහුල වන ජනාධිපතිවරයා යටතේ රටේ ඉතා වැදගත් අමාත්‍යංශයක් පැවතීම, මධ්‍යම පරිසර අධිකාරිය මේ ආකාරයට දූෂිත තත්ත්වයට පත්වීමට හේතුව වී ඇති බවද රංජිත් විතානගේ මහතා සිය අදහස් පළකරමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් කැළුම් හේවගේ සහ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට