සත්‍යයේ පුවත් අඩහැරය….

වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවන්න ඔන්ලයින්..

 alt=වරිපනම් ගාස්තු, විවිධ බලපත්‍ර ගාස්තු සහ ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ගාස්තු ආදිය ඔන් ලයින් ක්‍රමවේදය යටතේ පළාත් පාලන ආයතන වලට ගෙවීම සදහා වැඩපිළිවෙළක් දියත් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. පළාත් පාලන ආයතනය වල විවිධ අංශයන් රැසක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ මෙම ගෙවීම් සිදුකිරීම සදහා ඔන්ලයින් ක්‍රමවේදය හදුන්වාදී ඇති බවද වාර්තා වේ. අදාළ වැඩසටහන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇත. මෙම ඔන්ලයින් ක්‍රමය යටතේ ගෙවීම් කිරීම ලබන පෙබරවාරි 01 දා සිට පළාත් පාලන ආයතන 30 කදී සිදුකළ හැකිවන අතර මෙම වසර තුළදී තවත් පළාත් පාලන ආයතන 50 කට එය හදුන්වා දීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට