සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ආණ්ඩු වෙනසින් බලාපොරොත්තුවූ වෙනස හෝ සංහිදියාව රටතුළ ඇතිවී නෑ – “සංහිදියාව ගොඩනැගීමේ ජාතික එකමුතුව”

 alt=රට තුළ වෙනසක් සහ සංහිදියාව ඇති වනු ඇති බව බලාපොරොත්තු වෙමින් ජනතාව විසින් මීට වසර 03 කට පෙර නව ආණ්ඩුවක් බිහිකරගැනීමට කටයුතු කළ නමුත් අද වන විටත් එසේ බලාපොරොත්තුවූ වෙනස හෝ සංහිදියාව රටතුළ ඇතිවී නොමැති බව “සංහිදියාව ගොඩනැගීමේ ජාතික එකමුතුව” සංවිධානය අවධාරණය කර සිටියි. රටතුළ සැබෑ සංහිදියාව ඇතිකළයුතු බව සදහන් කරමින් ඊයේ (09) කොළඹ නිදහස් චතුරස්‍රයේ”සංහිදියාව ගොඩනැගීමේ ජාතික එකමුතුව” සංවිධානය පවත්වන ලද සත්‍යග්‍රයකදී එම සංවිධානයේ සභාපති පූජ්‍ය කිරිඔරුවේ ගුණානන්ද හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ තවදුරටත් අවධාරණය කර සිටියේ අද වන විට සංහිදියාව, වචනයට පමණක් සීමා වී ඇති අතර සංහිදියාව ඇතිකිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ ලෙස පෙන්වා දුන් නමුත් අද වන විට ආණ්ඩුව විසින් සංහිදියාවට එරෙහි කටයුතු පමණක් සිදුකරන බවයි. ජාතීන් සහ ආගම් අතර සමගිය ඇතිකිරීම තුළින් රටේ ආර්ථික සහ සමාජීය දියුණුව ඇතිකළ හැකිවන අතර එය පාලකයින් විසින් සිහිතබා ගතයුතු බවත් දේශපාලන පක්ෂ ක්‍රමය තුළ වර්ධනය වන වෛරය සහ ක්‍රෝධය වැනි හැගීම් වලින් ඈත්වීමෙන් සංහිදායාව ලගාකරගත හැකි බවද පූජ්‍ය කිරිඔරුවේ ගුණානන්ද හිමි තවදුරටත් පවසා සිටින ලදී.

ඒ අනුව රටේ මූලික කාර්යය වී ඇති ජාතීන් හා ආගම් අතර පවතින භේදයන් ඉවත්කර ජාතික සමගිය ඇතිකිරීමේ අරමුණින් “සංහිදියාව ගොඩනැගීමේ ජාතික එකමුතුව” සංවිධානය බිහිකිරීමට තීරණය කළ බවද පූජ්‍ය කිරිඔරුවේ ගුණානන්ද හිමි සදහන් කරන ලදී.

මෙම අවස්ථාවට බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික යන පූජ්‍ය පක්ෂ වෙනුවෙන් පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි, බාබු ෂර්මා කුරුක්කන් පූජකතුමන් සහ අසාම් මවුලානා මව්ලවිතුමන් සහභාගි විය.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට