සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බැදුම්කර වාර්තාවෙන් අගමැතිවරයාව ශුද්ධ කිරීමට උත්සාහ කර ඇතැයි මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් චෝදනාවක්…

 alt=ඉදිරි මැතිවරණය නිසා නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය යම් නිද්‍රාවකට පත්ව ඇති විනා, එය සම්පූර්ණයෙන්ම නතර කර නොමැති බව “එළිය” සංවිධානය අවධාරණය කර සිටියි. අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසිනි. සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිරිසිදු නායකයෙක් බවට හදුන්වාදීමට බැදුම්කර වංචාව පිළිබද විමර්ශන වාර්තාව මගින් කටයුතු කර ඇති අතර වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වී ඇති බවයි. රට තුළ යහපාලනයක් ඇතිකිරීම අරමුණු කරගනිමින් රටේ ජනතාව විසින් ආණ්ඩු පෙරළියක් සිදුකළමුත් අද වන විට සිදුව ඇත්තේ දමිළ බෙදුම්වාදීන්ගේ සහ දමිළ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකිරීම පමණක් බවද සිය අදහස් දක්වමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි තවදුරටත් පවසා සිටින ලදී. වත්මන් ආණ්ඩුවේ පාලනයට අනුව මෙරට ඉදිරි අනාගතය ඉතා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් මාගම්පුර වරායේ මේ වන විට ඉහළට එසවී තිබෙන්නේ මෙරට ජතික ධජය නොව චීන ජාතික ධජය බවත් අභයතිස්ස හිමි තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වූ ප්‍රවිණ කලාකරු ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පවසා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ පාලකයින් විසින් සොරකම් ,දූෂණ වංචා සිදු කළ බවට සහ ලැම්බොගිනි ගෙන්වු බවට චෝදනා කළ ද ඒ කිසිවක් සනාථ කරගැනීමට වත්මන් යහපාලකයින්ට නොහැකි බව යි.එමෙන්ම පසුගිය රජය සමයේ දි තිස් වසරක් පුරා මෙරට පැවති යුද්ධය නිමා කිරීමට කටයුතු කළ නමුත් මේ වන විට නැවතත් රට තුළ යුද්ධයක් ඇතිවෙමින් පවතින්නේ දැයි සැක සිතෙන බව සදහන් කර සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, ජනතාව සිටින්නේ යහපාලන ආණ්ඩුව සමගද එසේත් නැත්නම් විපක්ෂය සමග ද මෙම මැතිවරණයේ දි උරගා බැලීමට හැකි වන බව ද අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට