කිලිනොච්චිය, මාන්කුලමේ රිය අනතුරකින් හතරක් මරුට..
කිලිනොච්චිය, මාන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක්, නවතා තිබු ලොරි රථයක ගැටීම නිසා සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (09) රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගිය සිව්දෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අධික වේගය නිසා මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසා සිටියි.