ගංජා සමග අත්අඩංගුවට පත් සැකකරු පොලිස් සිරමැදිරියේදී සියදිවි නසාගෙන..
ගංජා තොගයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විසින් අත්ඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළදී සිය ඇදුම් උපයෝගි කරගනිමින් ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. ගංජා තොගයක් ළග තබාගෙන පිටකොටුව බැස්ටියන් මාවතේ රැදී සිටියදී අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු හපුතලේ ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෘත දේහය මේ වන විට ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර කොටුව පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.