මත්පැන් අලෙවි කිරීමේ වෙලාවන් සංශෝධනය වෙයි..
ඊයේ (11) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය, විදේශීය මත්පැන් අලෙවි සැල්, රා තැබෑරුම් ඇතුළු මත්පැන් අලෙවි කිරීම සදහා වන වේලාවන් සංශෝධනය කර ඇත. අදාළ සංශෝධනයට අනුව දේශීය මත්පැන් අලෙවිසැල් පෙරවරු 8.00 සිට රාත්‍රි 10.00 දක්‌වා විවෘත කිරීමට හැකිවනු ඇති අතර විදේශ මත්පැන් අලෙවි සැල් පෙරවරු 11.00 සිට රාත්‍රි 10.00 දක්‌වා සහ රා තැබෑරුම් පෙරවරු 11.00 සිට රාත්‍රි 9.00 තෙක් විවෘතව තැබිය හැකිවනු ඇත.