සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.ප සාමාජිකයින්ගෙන් ජාතික ආණ්ඩුවට කිසිදු සහයක් නෑ – නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

 alt=ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සහයක නිතරව සිටිය ද ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් කිසිදු සහයක් නොලැබෙන බව යහපාලනය සදහා ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ පසුගිය දා පැවති විරෝධතාවය, එක්සත් ජාතික පක්ෂය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපහසුතාවයට පත්කිරීම සදහා සංවිධානාත්මක ලෙස පවත්වන ලද්දක් බවයි.

ජාතික ආණ්ඩුවට සහය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සාමාජිකයින්, මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකරන බව අවධාරණය කර සිටින අතර ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ යළිත් ඒකාධිපති පාලනයක් කරා රට ගෙනයාම බවද කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපහසුතාවයට පත්වන ලෙස පාර්ලිමේන්තුවේ කලකෝලාහල කිරීම ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළක් බවත් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජාතිවාදී සහ ආගම්වාදී පුද්ගලයින් රැසක් සිටින බවද වික්‍රමබාහු කරුණාරත්න මහතා තවදුරටත් පවසා සිටින ලදී. රවිරාජ්, වසීම් තාජුදීන් සහ ලසන්ත වික්‍රමතුංග වැනි පුද්ගලයින්ගේ ඝාතකයින් සමග එක්ව දේශපාලනය කරන්නේදැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටින අතර එසේ දේශපාලනයේ නිරත වීම ඉතා භයානක තත්ත්වයක් ​බවද සිය අදහස් දැක්වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා යහපාලනය සදහා ජාතික පෙරමුණෙ මැතිවරණ අපේක්ෂක සුන්දරන් මහේන්ද්‍රන් සහ මුස්ලිම් වාමාංශික පෙරමුණේ ලේකම් එම්.ආර්.එම් ෆයිසාල් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට