සත්‍යයේ පුවත් අඩහැරය….

මෙම පළාත් පාලන මැතිවරණය වසර 40 කට පසු පැවැත්වෙන ඉතා සුවිශේෂීම මැතිවරණයක් – පැෆරල් සංවිධානය

 alt=වසර 40 කට පමණ පසුව මෙරටදී පැවැත්වෙන ඉතා සුවිශේෂම මැතිවරණයක් ලෙස හැදින්විය හැකි මෙවර පළාත් පාලන මැතිවරණය කුඩා මැතිවරණයක් වුවත් ඉහළ මැතිවරණයක ක්‍රියාකාරීත්වය එහි ගැබ්ව ඇති බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා විසිනි.

මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙවර මැතිවරණය සදහා නිරීක්‍ෂකයන් හත්දහසක්‌ පමණ යෙදවීමට කටයුතු කරන බවයි.

පූර්ව මැතිවරණ අවධිය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ සිදුවීම් සම්බන්ධයෙන් මෙහිදී නිරීක්ෂණය කරනු ලබන බවත් ජංගම රථද ඒ සදහා යොදා ගැනීමට නියමිතව ඇති බවත් රෝහණ හෙට්‌ටිආරච්චි මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී. විවිධ හේතූන් නිසා මෙවර මැතිවරණයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් මැතිවරණ කොමිසම විසින් දක්වා ඇති පරිදි නාම යෝජනා සකස් කළේ නම් මේ ආකාරයට එම නාම යෝජනා ප්‍රතික්ෂේප නොවන බවත් හෙට්‌ටිආරච්චි මහතා මෙහිදී තවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පැෆරල් සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් සහ උප සභාපති කේ.එන් දීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිය අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට