සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණයෙන් පසු සියලු දේශපාලන බලවේග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වේවි – අමාත්‍ය බැසිල් රාජපක්ෂ

 alt=බහුතරයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ සාමාජිකයින්ද සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු, ශ්‍රී.ල.නි.ප යේ ඉතිරි පිරිස් ද ඒකරාශි වනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (11) බත්තරමුල්ලේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ පොහොර නිසි කාලයට ලබාදීම, ඉන්ධන සැපයුම් අඛණ්ඩව සිදුකිරීම, ගල් අගුරු බලාගාර අඛණ්ඩව පවත්වාගෙන යාම ආදී කටයුතු රැසක් වත්මන් ආණ්ඩුවට නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවයි.

ගම් මට්ටමේ ජනතා නියෝජනයෙන් සහ එම ජනතා ඉල්ලීමෙන් සකස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙතරම් ජනතාවට සමීපදැයි යන්න ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දැකගත හැකිවුනු ඇති බවත් අදවන විට රට තුළ වෙනත් රටවල් වලට අයත් ජාතික ධජ එසවෙන තත්ත්වයක් උදාවි ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට