සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රධාන පක්ෂ දෙකම ගමට දැනෙන යමක් කර නෑ, බුද්ධිමත්ව කටයුතු කර ජ.වි.පෙ දිනවන්න – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

 alt=පොලිසිය සහ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හඩ නැගීම මෙන්ම අනෙකුත් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ වන බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වන තැපැල් ඡන්දය ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඊයේ (13) මරදාන, සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා විසිනි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි මෙරට ඡන්ද දායකයින් ඉතා බුද්ධිමත්ව සිය ඡන්දය භාවිතාකර ගමට හිතැති අපේක්ෂකයින් පළාත් පාලන ආයතන සදහා පත්කරගැනීමට කටයුතු කළයුතුව ඇති බව ද තවදුරටත් සිය අදහස් දක්වමින් ලාල්කාන්ක මහතා පවසා සිටින ලදී.

රාජ්‍ය සේවයට බදවාගන්නා ලද නවක සේවකයින්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට මෙන්ම එම තත්ත්වය නිවැරදි කිරීමට කිසිදු පියවරක් නොගත් බැවින් රාජ්‍ය සේවකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව මෙවර පළාත් පාලන මැතිවරණයේදී සිය ඡන්දය භාවිතා කළයුතු බව ද තවදුරටත් සිය අදහස් පළකළ කේ.ඩී ලාල්කාන්ත මහතා අවධාරණය කරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනතා විමුක්ති පෙරමුණ විසින් සහය ලබාදුන්න ද ඒ මහතා පිළිබදව පූර්ණ විශ්වාසයක් පක්ෂය තුළ නොපැවති බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ අද වන විට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිති ඉහළම ක්‍රියාකාරීත්වයක් කරා පැමිණ ඇති බවයි. එම ක්‍රියාකාරීත්වය හරහා ආයතනයන් රැසක වංචා සහ දූෂණ සම්බන්ධයෙන් හඩනැගීමට හැකියාව ලැබුනු බවත් ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි අතිවිශාල පිරිසකගේ විශ්වාසය ගොඩනැගී ඇති බව ද මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාවට ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට