සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“මතට තිත” තබන්න ආ අණ්ඩුව දැන් මත්පැන් ප්‍රවර්ධනයේ, ජනාධිපතිවරයා මැදිහත්ව මත්පැන් නීති ලිහිල් කිරීම අවලංගු කළ යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=“මතට තිත” සංකල්පය ක්‍රියාත්මක කරමින් රටේ මත්පැන් තුරන් කරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පැමිණ මේ වන විට රටේ මත්පැන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය දැඩි කණගාටුව පළකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරසිටින්නේ පෙර සිටම මෙරට තුළ ක්‍රියාත්මක වූ මත්පැන් සම්බන්ධ නීති කිසිදු ලෙසකින් වෙනස් නොකළයුතව ඇති බවත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට පමණක් මේ ආකාරයට රටේ මත්පැන් ප්‍රවර්ධනය සදහා අවශ්‍ය තීන්දු තීරණ ගත හැකි නම් මෙරටට අමාත්‍ය මණ්ඩලයක් හෝ ජනාධිපතිවරයෙක් අවශ්‍ය නොවන බව ද අදාළ ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

පොහොර හිගය ඇතිවූ අවස්ථාවේ පාකිස්ථානයෙන් පොහොර ගෙන්වා ගැනීම එක් දුරකථන ඇමතුමකින් සිදුකළාක් මෙන් සහ රුසියාව විසින් මෙරටට පැනවූ තේ තහනම ඉවත් කරගැනීමට එක් ලිපියකින් හැකිවූවාක් මෙන් මත්පැන් නීති ලිහිල් කිරීමට එරෙහිව ද යමක් කිරීමට ජනාධිපතිවරයාට හැකිවිය යුතු බවද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට