සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්පැන් භාවිතය ඉහළ දමන ආණ්ඩුවේ නව නීති වලට දැඩි විරෝධය පළකරනවා – පැවිදි හඩ සංවිධානය

 alt=වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් පවසා සිටින පන්සිල් රකින සමාජය සහ ලිච්ඡවි පාලනය මැතිවරණ රැස්වීම් වලට පමණක් සීමාවී තිබෙන බව පැවිදි හඩ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (14) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි තවදුරටත් පවසා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ආණ්ඩු සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්මානයක් පවා ලබාගත්තද එතුමා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු “මතට තිත” සංකල්පය “තිතට මත” ලෙස වෙනස්වී තිබීම දැඩි කණගාටුවට කරුණක් බවයි.

මෑතකදී විවෘත කරන ලද රාජගිරිය ගුවන් පාලම මත නුදුරු කාලයේදී ගණිකාවන් සැරිසැරීමට පවා ඉඩඇති බැවින් එම පාලම සදහා මාදුළුවාවේ සෝභිත හිමිගේ නම යෙදීම උන්වහන්සේට සිදුකරනු ලබන අවමානයක් බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි තවදුරටත් පවසා සිටින ලදී.

වැඩිදුරටත් සිය අදහස් පළකරමින් උන්වහන්සේ පවසා සිටියේ මත්පැන් භාවිතය ඉහළ දැමීම අරමුණු කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් හදුන්වාදෙන ලද නව නීති සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ විරෝධය පළකිරීම සදහා ඉදිරියේදී විවිධ ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ ලේකම් පූජ්‍ය ගොම්බද්දල දමිත හිමි ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට