වත්මන් ජනාධිපතිගේ ධූර කලය වසර 5 යි…
පසු ගිය 09 වනදා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය වසර 5ක්ද නැතිනම් 6ක්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබූ අතර ඊයේ (15) දින ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බවට දැනුවත් කර ඇත. වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය තීරණය කිරීම සදහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මණ්‌ඩලයක් පත් කෙරුණු අතර එම විනිසුරු මඩුල්ලේ තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බවයි.