වැටුප් වර්ධක වසර 03 ක සිට නෑ, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් වර්ජනයේ…
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් හට වසර 3කට වරක් හිමිවන වැටුප් වර්ධකය මෙතෙක් ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කර නොකිරීම හේතුවෙන් අද (16) රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිටදී සියලු සේවකයින් උද්ඝෝෂණයක නිරතවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කරයි.