සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පිරිසිදු, නීතිගරුක අපේක්ෂකයින් පළාත් පාලන ආයතනයන්ට පත්කර ගැනීමට ජනතාව වගබලා ගතයුතුයි – මාර්තු ‍12 ව්‍යාපාරය

 alt=ඉදිරි මැතිවරණයේදී ගම සංවර්ධනය කළහැකි, නීතිගරුක, පිරිසිදු නායකයින් පළාත් පාලන ආයතන වලට පත්කරගැනීම සදහා මෙරට ජනතාව කල්පනාකාරීව සිය ඡන්දය භාවිතාකළයුතුව ඇති බව මාර්තු ‍12 ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. වැඩිදුරටත් සිය අදහස් පළකරමින් කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටියේ මෙවර මැතිවරණය සදහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් අතරින් 50 දෙනෙකු නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය, මිනී මැරුම් සහ ස්ත්‍රී දූෂණ වැනි යම් අපරාධ සම්බන්ධයෙන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී අැති අතර මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් හානි වන ලෙස කටයුතු කරමින් සිටින අපේක්ෂකයින් පළාත් පාලන ආයතනයකට තේරීපත්වීමට මෙන්ම ජනතා ගෞරවයට පාත්‍රවීම සදහා සුදුස්සෙකු බවට පත්වීමේ වගකීම ඇතිව කටයුතු කළයුතුව ඇති බවයි. මෙම මාධ්‍ය හමුව සදහා සණස ව්‍යාපාරයේ සභාපතිනිය වන සාමදානී කිරිවන්දෙණිය, විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සාමාජික අතාවුද ජයරත්න, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී මංජුල ගජනායක සහ ලක්බිම මව්වරු හා දියණියෝ සංවිධානයේ සභාපතිනි සදීපා සුදර්ශනී යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට