පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි..
පොළොන්නරු දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය ඩෙංගු උණ රෝගය හේතුවෙන් ඊයේ (16) අළුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඇය ඩෙංගු උණ රෝගය වැළදීමෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත. ඇය මියයන විට 35 වැනි වියේ පසුවූ දෙදරු මවකි.