සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවුරුදු එකහමාරක් පුරාවට විසදුම් නෑ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයකට..

 alt=ලිඛිත පොරොන්දුව පවා කඩකරමින් වත්මන් ආණ්ඩුව සහ බලධාරීන් විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය රැවටීමකට ලක්කර ඇති බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා විසිනි.

මාසික හිලව් දීමනාව, අත්හිටුවා ඇති භාෂා දීමනාව, වෛද්‍ය රක්‌ෂණ ක්‍රමයක්‌ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ පිළියෙල කිරීම, බඳවා ගැනීමේ පටිපාටියක්‌ පිළියෙල කිරීම යන ඉල්ලීම් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදෙන බවට මීට වසර එක හමාරකට පමණ පෙර බලධාරින් ලිඛිත එකගතාවයකට පැමිණියද මෙතෙක් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ඔවුන් කටයුතු කරනොමැති බව ද එඩ්වඩ් මල්වත්තගේ මහතා මෙහිදී තවදුරටත් අනාවරණය කරන ලදී.

මේ වන විට තම සේවාව තුළ උද්ගතව ඇති මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්යෙන් අද (23) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවත් එම සාකච්ඡාව තුළින්ද පිළිගත හැකි විසදුමක් නොලැබුණහොත් ලබන 25 වනදා සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව ද මල්වත්තගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් ධම්මික එස්. ප්‍රියන්ත මහතාද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට