බැඳුම්කර වාර්තා අද සභාගත කෙරේ..
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අද (23) දින පාර්ලිමේන්තුවේ දී සභාගත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ වාර්තා සම්බන්ධයෙන් විවාද පැවැත්විය යුතු දිනයන් පිළිබදව හෙට (24) දින පැවැත්වීමට නියමිතව ඇති පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අවධාරණය කර සිටියි.