කළුපටි පැළඳ රේගු නිලධාරීන් වැඩට…
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් කළුපටි පැළඳ රාජකාරියේ යෙදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද (25) සිට ආරම්භ කර ඇත. කළුපටි පැළඳ රාජකාරි කිරීම ඉදිරි සතිය දක්වාද ක්‍රියාත්මක කරන අතර ඉන් අනතුරුව දින දෙකක වැඩ වර්ජනයකද යෙදීමට තීරණය කල බවත් මේ සම්බන්ධව අදාල බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලටද එළඹෙන බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා අවධාරණය කර සිටියි.