සත්‍යයේ පුවත් අඩහැරය….

මහ බැංකු බැදුම්කර වංචාවට වගකිවයුතු අග්‍රාමාත්‍යවරයා ඉන් රටට වූ අලාභය ගෙවා දැමිය යුතුයි – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

 alt=රටේ දූෂණය, වංචාව අවසන් කරන බවට ජනතාව වෙත පොරොන්දු ලබාදෙමින්, බලයට පැමිණ ඉතා සුළු කාලයකදී මෙරට සිදුවන ලද විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මහබැංකු බැදුම්කර වංචාව සිදුකළ යහපාලන ආණ්ඩුව එම වංචාවට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු හට දඩුවම් ලබා දී නොමැති බව දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. අද (25) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ගොඩහේවා මහතා වැඩිදුරටත් පවසා සිටියේ යහපාලන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව පමණක් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන තත්ත්වය උදාවී ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා ඉතා ක්‍රෝධයෙන් සහ අග්‍රාමාත්‍යවරයා ඉතා කළකිරීමෙන් යුතුව මේ වන විට අදහස් පළකරමින් සිටින බවයි.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් ඒ සම්බන්ධ ඕනෑම පරීක්ෂණ කටයුතු සදහා තමන් ඕනෑම අවස්ථාවක සහය ලබාදෙන බවත් මහබැංකු මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දැරිය යුත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් වන බැවින් මින් රටට වූ පාඩුව පියවා දැමීම ද අග්‍රාමාත්‍යවරයා විසින් කළයුතුව ඇති බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට