සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලනයෙන් රට ඉදිරියට ගෙනයන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව රට අවුල් ජාලාවක් කර අවසන් – ඒකාබද්ධ විපක්ෂය

 alt=යහපාලනය තුළින් රට ඉදිරියට ගෙනයන බව පවසමින් බලයට පැමිණ, වසර 03 කට ආසන්න සිය පාලන කාලය තුළ රට අවුල් ජාලාවක් බවට පත්කළ වත්මන් යහපාලන ආණ්ඩුව රටේ සංවර්ධන උදෙසා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා අවධාරණය කර සිටියි. ඊයේ (25) බත්තරමුල්ල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පියල් නිශාන්ත මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ යහපාලනයෙන් මිදී වෙනත් පාලන ක්‍රම ඔස්සේ රට පාලනය කරමින් සිටින ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යාගේ ආටක, නාටක මේ වන විට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බැවින් ඉදිරි මැතිවරණයෙන් පසු එම රගදැක්වීම් අවසන් වනු ඇති බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් තමන්ට අන්ත පරාජයක් අත්වනු ඇති බව දන්නා බැවින් වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට මැතිවරණය කෙසේ හෝ ජයගැනීම සදහා විවිධ උපක්‍රම දියත් කරමින් සිටින බව ද පියල් නිහාන්ත මහතා තවදුරටත් පවසා සිටින ලදී.

ජනාධිපතිවරයා පවසා සිටින ආකාරයට එතුමාට හොරු ඇල්ලීම සදහා අවංක වුවමනාවක් ඇත්නම් අදාළ වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි විමසා සිටින බවත් ආණ්ඩුවේ සිටිමින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් වහාම ආණ්ඩුවෙන් ඉවත්වී හෝ එය සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පියල් නිශාන්ත මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකරමින් රටේ පවතින අනෙකුත් ගැටළුකාරී තත්ත්වයන් යටපත් කිරීමට හැකිවනු ඇති බවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිතාසිටින්නේ නම් එවැන්නක් සිදුකිරීමට ආණ්ඩුවට නොහැකි වනු ඇතිබවයි.

පසුගිය ආණ්ඩුවේ පාලන කලාය තුළ වංචා සහ දූෂණයන් සිදුව ඇති බවට චෝදනා කළ ද ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුනොකරන්නේ මන්දැයි වත්මන් ආණ්ඩුවෙන් විමසා සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට