නිදහස් සැමරුමෙහි පෙරහුරුව නිසා ගාලුපාර කොටසක් දින කිහිපයක් වැසේ..
අද (27) සහ 28, 29, 30 යන දිනයන් වලත් පෙබරවාරි 01 දාත් ගාලු පාර, සෙරමික් මංසන්ධියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා පෙරවරු 07.00 සිට මධ්‍යහ්න 12.00 තෙක් කාලය තුළ වසා තැබෙන බව වාර්තා වේ. 2018 නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සිදුකිරීම නිසා මෙසේ අදාළ මාර්ග කොටස වසා දැමෙන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව පොලිස් මූලස්ථානය පවසා සිටියි.