අග්‍රගන්‍ය සිනමා නිර්මාණ ශිල්පී ආචාර්ය ධර්මසේන පතිරාජයන් අභාවප්‍රාප්ත වෙයි..
“එයා දැන් ලොකු ළමයෙක්, අහස්ගව්ව, බඹරු ඇවිත්, වාසුලි ඇතුළු සිනමා නිර්මාණයන් රැසක් දායද කළ මෙරට අග්‍රගන්‍ය සිනමා නිර්මාණකරුවෙකු සැලකෙන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද (28) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ආචාර්ය ධර්මසේන පතිරාජයන් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර රචකයෙකු වන අතර හදිසි රෝගී තත්ත්වයක් මත මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 74 වන වියේ පසු විය.