ප්‍රදේශ රැසකට අද තද වැසි..
අද (31) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව මඩකලපුව, අම්පාර, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කවලට මෙන්ම ඌව, සබරගමුව සහ බස්‌නාහිර යන පළාත් වලටද තද වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව මේ වන විට ඇතිවී තිබෙන පහළ වායු ගෝලයේ කැළඹිළි ස්‌වභාවය නිසා මෙසේ වැසි ඇතිවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.